EDUCATION
CH & FC සහ Sri Lions රග්බි ක්‍රීඩා සමාජ සඳහා පිරිසිදු ක්‍රීඩා වැඩසටහන
16 Dec, 2025
•
2 mins read
රග්බි ක්‍රීඩාවේ සාධාරණ තලයක් සහතික කිරීම
SLADA පිරිසිදු ක්‍රීඩා අධ්‍යාපනඥ ආචාර්ය නිසල සිතුම් මහතා විසින් CH & FC සහ Sri Lions රග්බි ක්‍රීඩා සමාජ සඳහා අනිවාර්ය පිරිසිදු ක්‍රීඩා අධ්‍යාපන වැඩසටහන ඊයේ පවත්වන ලදී.
ජාතික ක්‍රීඩා සභාවේ ශ්‍රවණාගාරයේදී මෙම සැසිය පැවැත්වුණු අතර, තහනම් උත්තේජක මර්දන නීතිවල වැදගත්කම, ක්‍රීඩාවේ සදාචාරාත්මක භාවිතයන් සහ පිරිසිදු ක්‍රීඩාවක් පවත්වාගෙන යාමේදී ක්‍රීඩකයින්ගේ වගකීම් පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.