Press Esc to close

News

ජාතික මෙහෙයුම: "සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්"

23 Jul, 2026 2 mins read

ජනාධිපති කාර්යාලය විසින් PS/CSL/Circular/8/2026 දරන චක්‍රලේඛය මගින් අඛණ්ඩ හා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් උදෙසා "සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" ජාතික මෙහෙයුම ප්‍රකාශයට පත් කර ඇත.

රාජ්‍ය ආයතන පුරා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා 2026 ජූලි 27 සිට 2026 ජූලි 31 දක්වා කාලය "ජාතික සුපිළිපන් සතිය" ලෙස ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.

දිනපතා තේමාවන් සහ වගකිව යුතු ආයතන

දිනය ප්‍රධාන තේමාව තේමා පාඨය / අවධානය වගකිව යුතු අමාත්‍යාංශ සහ ආයතන
2026 ජූලි 27 (සඳුදා) ආයතනික සුපිළිපන්නභාවය ප්‍රවර්ධනය කිරීමේ දිනය "නීතිගරුක හා සදාචාරාත්මක රාජ්‍ය සේවයක්" ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, ආරක්ෂක, රාජ්‍ය පරිපාලන, මහජන ආරක්ෂක, අධිකරණ, විදේශ කටයුතු
2026 ජූලි 28 (අඟහරුවාදා) මූල්‍ය, ඩිජිටල්, ව්‍යවසායකත්ව සහ තාක්ෂණික සුපිළිපන්නභාවය ප්‍රවර්ධනය කිරීමේ දිනය "සදාචාරාත්මක ඩිජිටල් රාජ්‍ය සේවයක්" මුදල්, ඩිජිටල් ආර්ථික, විද්‍යා හා තාක්ෂණ, කර්මාන්ත, වෙළඳ හා වාණිජ
2026 ජූලි 29 (බදාදා)

 

 

(ඇසළ පුර පසළොස්වක පොහොය දින)

ආත්මීය, සදාචාරාත්මක, සංස්කෘතික සහ සාමාජීය සුපිළිපන්නභාවය ප්‍රවර්ධනය කිරීමේ දිනය "මිනිස් ගරුත්වය සුරකින සදාචාරාත්මක සමාජයක්" බුද්ධශාසන, අධ්‍යාපන, කාන්තා හා ළමා කටයුතු, යෞවන හා ක්‍රීඩා, ග්‍රාමීය සංවර්ධන
2026 ජූලි 30 (බ්‍රහස්පතින්දා) මෙහෙයුම්, යටිතල පහසුකම්, සේවා සැපයීමේ සහ ශ්‍රම සුපිළිපන්නභාවය ප්‍රවර්ධනය කිරීමේ දිනය "සදාචාරාත්මක සහ විනිවිද පෙනෙන මෙහෙයුම් ජාලයක්" ප්‍රවාහන, නාගරික සංවර්ධන, නිවාස, වරාය හා සිවිල් ගුවන් සේවා, සෞඛ්‍ය හා ජනමාධ්‍ය, කම්කරු
2026 ජූලි 31 (සිකුරාදා) පාරිසරික, සම්පත් කළමනාකරණ, ග්‍රාමීය සහ ප්‍රජා බලගැන්වීමේ සුපිළිපන්නභාවය ප්‍රවර්ධනය කිරීමේ දිනය "සදාචාරාත්මක තිරසාර හරිත සංස්කෘතියක්" කෘෂිකර්ම, වැවිලි යටිතල පහසුකම්, ධීවර, බලශක්ති, පරිසර

Help Keep Sport Clean

If you suspect doping activity, report it confidentially.

Report Doping